අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණවේදී විෂය ධාරාව සමඟ චිත්‍ර විෂය හැදෑරීමට අවස්ථාව

    මැයි 08, 2014

    උසස් පෙළ තාක්ෂණවේදී විෂය ධාරාව හදාරණ සිසුන්ට තුන්වන විෂය ලෙස තෝරා ගැනීමට ඇති විෂයයන් 10න් එකක් ලෙස චිත්‍ර විෂය ඇතුළත් කර තිබීමෙන් සිවිල් ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය හදාරණ සිසුන්ට චිත්‍ර විෂය තෝරා ගැනීමෙන් ද වඩාත් හොඳ මානව සම්පතක් නිර්මාණය වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    කොළඹ ආනන්ද විද්‍යාලයේ "විවර -2014" චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "තුන්වැනි වේදිකාව" යන මැයෙන් තුන්වනි පාන්තික පීඩිතයන්ගේ ජීවන අරගලය සහ ජන ජීවිතය යන තේමාව යටතේ මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි.


    මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට විවිධ දක්ෂතා, කුසලතා සපිරි නිර්මාණාත්මක හැකියාවන්ගෙන් හා දක්ෂතාවලින් සමන්විත දරු පිරිසක් දැයට දායද කරන බවත් දරුවන්ගේ ජීවිතය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සා/පෙළ හා අ.පො.ස උසස් පෙළ විභාග නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


    දරුවන්ගේ අධ්‍යාපනය එකම රැල්ලකට යාම නිසා 2010 සිට අධ්‍යාපනයේ සිදු කළ වෙනස්කම් බස්නාහිර පළාතේ දරුවන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වූ බවත් දිවයිනේ පළාත් 9න් 6 වැනි ස්ථානයට මේ පළාත පත්වී තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ගමේ දරුවන් නගරයට අභියෝගයක් වී ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

     

    NDH/KPm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya