මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ප්‍රවීණතා සහතිකපත්‍ර ප්‍රදානය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී

    මැයි 07, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව රාජ්‍ය සේවාව ද්වි භාෂාකරණයට ලක් කිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය මගින් දිවයින පුරා සිංහල හා දෙමළ දෙවන භාෂා ප්‍රවීණතා පාඨමාලාවන් පවත්වන ලදී.
     
     
    එම පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරීන් උදෙසා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 09 වන දින සවස 2.00ට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඩබ්.ජී. ගුණවර්ධන අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    මෙම සහතිකපත්‍ර ප්‍රදානයට අමතරව සමාජ ඒකාබද්ධතාව සහ සංහිඳියාව ප්‍රචලිත කිරීම පිණිස භාෂා ක්‍රියාකාරකම් හා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය.
     
    කළුබෝවිල ශික්ෂණ රෝහල සහ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය එක් ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. 
     
    ECB /RU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya