අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශිෂ්‍යත්ව සමතුන්ට මහජන බැංකුවෙන් ශිෂ්‍යත්ව තිළිණ

    මැයි 07, 2014

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට 7,500කට අධික ශිෂ්‍යත්ව තිළිණ පිරිනැමීමට මහජන බැංකුව පියවර ගෙන ඇත.මේ සඳහා 2014 සැප්තැම්බර් 30වන දිනට රුපියල් 5,000ක් හෝ ඊට වැඩියෙන් මහජන බැංකුවේ සිසු උදාන ගිණුමක තැන්පත් කළ ශිෂ්‍යත්වය සමත් දරු දැරියන් සුදුසුකම් ලබන බව මහජන බැංකුව පවසයි.

     


    මෙමඟින් දිවයිනේ පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා දරුවන්ට පිළිවෙළින් රුපියල් 100000, රුපියල් 75000 සහ රුපියල් 50000 බැගින් ශිෂ්‍යත්ව හිමිවේ. එමෙන් ම ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා දරුවන්ට පිළිවෙළින් රුපියල් 25000, රුපියල් 20,000 සහ රුපියල් 15,000 බැගින් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමේ.
     

    එමෙන් ම රුපියල් 5000 බැගින් සාමාන්‍ය ශිෂ්‍යත්ව 1000ක් ද මහජන බැංකුවේ සිසු උදාන ගිණුම යටතේ පිරිනමනු ලබයි. මීට අමතරව දිස්ත්‍රික් කඩඉම් ලකුණු පදනම මත ශිෂ්‍යත්වය සමත් සැමට තිළිණ පිරිනැමීමට ද මහජන බැංකුව කටයුතු යොදා ඇත. මෙම ශිෂ්‍යත්ව තිළිණ සඳහා සුදුසුකම් සපුරා ඇත්නම් ප්‍රතිඵල නිකුත් වූ සැණින් සිසු උදාන ගිණුම පවත්වාගෙන යන ශාඛාවට ගොස් අදාළ අයදුම්පත සම්පූර්ණ කර දී මෙම ප්‍රතිලාභ හිමිකර ගත හැක.


    මෙම වැඩසටහනට අමතරව, පවත්වාගෙන යන හෝ අලුතින් ආරම්භ කරන ලද සිසු උදාන ගිණුමක අවම ශේෂය රුපියල් 5000 දක්වා වැඩිකරගන්නා සිසු දරු දැරියන් සැම දෙනාටම සිසු උදාන කැප් එකක්, පොත් කට්ටලයක් සහ පාසල් බෑගයක් තෑගි වශයෙන් ලබාදීමට ද දැයට විශිෂ්ට මතු පරපුරක් බිහිකිරීමේ ලා නිරතුරුව ම කැපවී සිටින මහජන බැංකුව කටයුතු සලසා තිබේ.
     

    සිසුපරපුරට ඉතිරිකිරීමේ යහගුණය හුරුකර, අනාගත මූල්‍ය සුරක්ෂිතාව ගොඩනඟා ඔවුන්ට ශක්තියක් වීමේ අරමුණින් 1994 වසරේ දී මහජන බැංකුව සිසු උදාන ගිණුම හඳුන්වා දී ඇත. වයස අවුරුදු 06 සිට 18 දක්වා පාසල් දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය වීමට ද රුකුලක් වන බව මහජන බැංකුව පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya