අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි

    මැයි 07, 2014

    දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද (07) පුත්තලම සිට ගාල්ල සහ

    පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල උදය කාලයේ වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව

    අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ද දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ.


    සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති

    වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය

    හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya