අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ අඩුපීඩන පද්ධතිය දිවයිනෙන් ඉවතට Featured

    මැයි 07, 2014

    දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (07) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ

    ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදය කාලයේදී ද වැසි

    බලාපොරොත්තුවේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලයට, රත්නපුර, මහනුවර, නුවරඑළිය සහ යාපනයට

    වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුරය, මඩකළපුව සහ මන්නාරමට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ

    ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර

    ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya