මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය අනතුර සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් Featured

    මැයි 06, 2014

    පසුගිය දින පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ තරාතිරම කුමක‍් වුවත් කුමන පක්ෂයක සිටියත් අනිවාර්යෙන්ම නිසි දඬුවම් දෙන බවත් එසේ නොකර වැරදිකරුවන් ආරක්ෂා කළහොත් එය මඟී ජනතාවට කරන අසාධාරණයක් බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (06) ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසමින් මේ අනතුර පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමට අමතරව ජනාධිපති කාර්යාලයෙන් පත් කරන ලද ස්වාධීන විනිසුරුවරයෙකු යටතේද පරීක්ෂණ සිදුකරන බව සඳහන් කළේය.


    මේ පිළිබඳ ව පොලිස්පතිවරයාටත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ලිපියකින් දැනුම් දී ඇතැයි කී ඔහු එයට හේතුව වන්දි ගෙවීමේදී තුවාලකරුවන් සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳ ව සොයා බැලීම බවත් වැඩිදුරටත් කියා සිටියේය.


    මෙහිදී අදහස් දැක් වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා, අදාළ අනතුර සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කරන බවත් ඒ අනුව වෘත්තීය සමිති තර්ජන ආ හැකි බවත් පැවසීය.


    එසේම දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් සිදුකරන පරීක්ෂණ පක්ෂක්ග්‍රාහී ලෙස ක්‍රියාත්මක වන බවට රාවයක් පැතිර යයි. ඒ හේතුව නිසා ම ස්වාධීන පරීක්ෂණ ආරම්භ කර තිබේ. වැරදිකරුවන් ආරක්ෂා කරන්න උත්සාහ දරන්න එපා යැයි අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි සාමාන්‍යාධිකාරිවරයා වැරදිකරුවන් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහය ලබා දෙන ලෙස ද පැවසීය.


    මේ පිළිබඳව දෙපාර්තමේන්තුවේ ආරක්ෂක ප්‍රධානියා සාක්ෂි 5ක් ඇතුළත්ව වාර්තාවක් තමාට ලබා දුන් බවත් යම් යම් අයගේ කටයුතු නිසා ආයතන කඩාවැටෙන්න දිය නොහැකි අතර මෙවැනි ක්‍රියාවලදී දැඩි පාලනයක් ගෙන යා යුතු බව ද ඒ මහතා කියා සිටියේය.


    මේ වන විට අදාළ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රියට මිලියන 160ක් පාඩු වී ඇති බවත් දුම්රිය මාර්ගයට මිලියන 3.8ක් පාඩු වී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.


    සාමාන්‍යයෙන් දුම්රිය අනතුරකදී මරණයක් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් ලබා දෙන අතර එය දෙගුණයක් කර ලබා දීමටත් මෙවර තුවාල ලැබූ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන එක් අයෙකුට, ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රුපියල් 25,000ක මුදලක් ගෙවීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya