මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණය සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය යොදා ගැනීම පාරිසරික සාහිත්‍යයේ නව්‍යතාවක් Featured

    මැයි 06, 2014

    විවිධ හේතූන් නිසා පරිසරය අපවිත්‍ර වීම වැළැක්වීම හා පරිසරය සංරක්ෂණය කිරීම සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය යොදා ගැනීම පාරිසරික සාහිත්‍යයේ නව්‍යතාවක් බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

     



    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) මධ්‍යම පරිසර අධිකාරියේ 'පරිසර පියස' ශ්‍රවණාගාරයේ පැවති පාරිසරික විරිදු රූපමය සංගීත තැටි (DVD) එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පරිසරය සංරක්ෂණය කිරීම ජන සාමූහිකත්වයෙන් සිදු කළ යුත්තක් වන අතර, ඒ සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද පැවසීය. එසේම මෙම සමස්ත වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස සාම්ප්‍රදායික ජන සංගීතය ඇසුරින් නිර්මාණය කළ මෙම විරිදු රූපමය සංගීත තැටි (DVD) මඟින් යම් පිරිසකට හෝ මෙම පණිවිඩය ලබා දී එම පිරිස මෙම සමස්ත වැඩපිළිවෙළේ පාර්ශවකරුවන් කර ගැනීම සඳහා හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    එක් අතකින් විරිදුව වර්තමාන සමාජයෙන් ඈත් කොට ඇති ගායන විලාසයක් නමුත් එය සාම්ප්‍රදායික සන්නිවේදනයේ ජනප්‍රිය මාධ්‍යයකි. ඒ තුළ පරිසරය සුරැකීම පිණිස ජනතා සහභාගීත්වය ගොඩනැංවීම උදෙසා පරිසර සන්නිවේදන මාධ්‍යයක් ලෙස මෙහිදී සාම්ප්‍රදායික සන්නිවේදන භාවිතාවක් වූ විරිදුව යොදා ගෙන තිබීම සුවිශේෂී වන බවද අමාත්‍යවරයා පැවසීය.

    පරිසරයේ සම්පත් අසීමිත ලෙස ලබා ගැනීම මෙන්ම පරිසරය අපවිත්‍ර වීම නිසා වර්තමානය වන විට පෙරළා පරිසරය ජීවීන්ට බලපෑම්කාරී වී ඇත. මේ තත්ත්වයට තනි තනිව සියලු දෙනා වගකිව යුතු අතර, මෙම තත්ත්වය පාලනය කිරීම හෝ යථාතත්ත්වයට පත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියට හෝ පරිසර අමාත්‍යාංශයට තනිව විසඳිය නොහැකි කරුණක් වී තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ECB

    en2

    en3

    en4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya