අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    AFC ජනාධිපති කුසලානයේ ශ්‍රී ලංකාව නියෝජනයට ගුවන් හමුදා කණ්ඩායම

    මැයි 06, 2014

    ආසියාතික පාපන්දු සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන AFC ජනාධිපති කුසලානය - 2014 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම මෙවර ප‍්‍රථමවරට සුදුසුකම් ලබා තිබේ.

     

     

    2013 වර්ෂයේ ඩයලොග් ලිග් පාපන්දු තරගාවලිය ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම ජයග‍්‍රහණය කිරීම හේතුවෙන් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකිවී තිබේ. මෙම තරගාවලිය සඳහා බංගලාදේශය, භූතානය, කාම්බෝජය, චීන තායිපේ, කොරියාව, මොංගෝලියාව, නේපාලය, පකිස්ථානය, පිලිපිනය, ටර්කිමිස්ටාන් ඇතුළු රටවල් නියෝජනය කරමින්ද ක‍්‍රීඩා සමාජ සහභාගිවීමට නියමිතව ඇත.
     
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදා කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ තරග වැදිමට නියමිත අතර, එම කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අනෙක් කණ්ඩායම්වනුයේ බංගලාදේශය, භූතානය, පකිස්ථානයයි. ගුවන් හමුදා කණ්ඩායම සහභාගිවන ප‍්‍රථම තරගය හෙට 07 වන දින පස්වරු 16.00ට සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ගුවන් හමුදා කණ්ඩායම සහභාගිවන අනෙකුත් තරග මේ මස 09 වන දින සහ 11 වන දින සුගතදාස ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමේ නායකත්වය නායක ගුවන් භට දිල්ෂාන් සුමේධට හිමිවී ඇති අතර කණ්ඩායමේ සභාපති ලෙස එයාර් කොමඩෝර් ඇන්ඩ් විජේසුරිය කටයුතු කරනු ලබයි. ප‍්‍රධාන පුහුණුකරු ලෙස කේ.එස්.එම්. සම්පත් පෙරේරා ද ලේකම් ලෙස ගෲප් කැප්ටන් එස්. බී කොටගේද කළමනාකරු ලෙස බලලත් නිලධාරි හමීඩ්ද කි‍්‍රයා කරති.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya