අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් Featured

    මැයි 06, 2014

    අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් තවමත් පවතින අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (06) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල උදය කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක. සමහර ස්ථානවලට මිලී මීටර් 100ක පමණ තද වැසි ඇතිවීමටද ඉඩ ඇත.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලයට, අනුරාධපුරය, රත්නපුර, මහනුවර, නුවරඑළිය, යාපනය, මන්නාරමට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya