මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක්

    මැයි 06, 2014

    දිවයිනට බටහිර දෙසින් තවමත් පවතින අඩුපීඩන පද්ධතියේ බලපෑම නිසා වර්ධනය වන සක්‍රීය වලාකුළු පද්ධතිය හේතුවෙන් අද (06) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සාමාන්‍යයෙන්, සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. නමුත් මෙම ගිගුරුම් සහිත වැසි සමඟ ඉහත මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ සුළං වේගය ඉහළ යාමට හැකියාවක් පවතී. එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතී.


    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya