අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේදය ප්‍රමූඛව මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීමට ජපන් සහය Featured

    මැයි 05, 2014

    ආයුර්වේදය මුල්කරගෙන ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා කටයුතු කරන බව ජපානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය අරයි හිරෝයුකු මහතා ප‍්‍රකාශ කරයි.

    ආසියාවේ වෙනත් රටවල දක්නට නොලැබෙන සම්පත් රැසක් ශ‍්‍රී ලංකා තුළ දක්නට ලැබෙන බව පෙන්වා දෙන ඒ මහතා ලංකාවේ ආයුර්වේද ක‍්‍රමය ජපන් ජනතාව අතර ඉතා ජනප‍්‍රිය බවද කියා සිටියේය.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේදීය.
    ශ‍්‍රී ලංකාවට පැමිණෙන ජපන් සංචාරකයින්ගේ සංඛ්‍යාව 10000 සිට 20000 දක්වා වර්ධනය වී ඇති බවත් ඒ අතර කාන්තාවන් ප‍්‍රමුඛ ළමුන් කැපී පෙනෙන බවත් ජපන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පසුගිය ජපන් සංචාරයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ජපන් ආයෝජනයන් ලංකාවට ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙස කළ ඉල්ලීමකට අනුව මීට පෙර අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

    ජපන් සංචාරකයින් ලංකාවට පැමිණීමේදී ඔවුන්ට නිසි මගපෙන්වන්නන් නොමැති වීම අඩුවක් බවත් එම නිසා ජපානයේ ඉහළ පෙළේ මාර්ගෝපදේශයකයින් ලංකාවට ගෙන්වා ලංකාවේ මාර්ගෝපදේශකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් කියා සිටි අරයි මහතා ලංකාවේ මාර්ගෝපදේශකයින්ට ශ‍්‍රී ලංකා රජයෙන් පිළිගනු ලැබූ සහතිකයක් පිරිනැමීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    එමෙන්ම ජපන් ජාතිකයින්ට අවශ්‍ය මිලදී ගැනීම් සඳහා ව්‍යාපාරික ස්ථාන නම් කිරීමට රජය මැදිහත්ව ක‍්‍රියා කරන ලෙසත් එසේ නම් කරන ලද ස්ථානවලින් පමණක් බඩු මිලදී ගැනීමට ජපන් ජාතිකයින් දැනුවත් කළ හැකි බවත් පෙන්වා දුන් ජපන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා නොවිදිමත් මගපෙන්වන්වන් නිසා ජපන් ජනතාව පත්වන අසීරුතා එමගින් වළක්වාගත හැකි බවත් කියා සිටියේය.

    මෙම අවස්ථාවට එක්වු ජපන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශිම්පෙයි මට්සුම්හිතා (Shimmpei Matsumhitha) මහතා ප‍්‍රකාශ කළේ ලෝකයේ පවතින රටවල් අතරින් ලංකාව ඉතාම වැදගත් රටක් බවත් එම නිසා ආයුර්වේදය ක‍්‍රමය හරහා රටවල් දෙක අතර අතීතයේ සිට පැවත එන සම්බන්ධතාවට තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අවස්ථාව උදාවන බවත්ය. ජපන් ජාතික පුවත්පතක ලංකාව සංචාරය කිරීම සඳහා සුදුසු රටවල් අතරින් අංක එකට සිටින රටක් ලෙස නම් කර තිබු බවද ඒ මහතා කියා සිටියේය.

    ජපන් රජය විසින් ලංකාවේ සංවර්ධනයට විශාල සහයෝගයක් ලබාදී ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා දෙරට අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා එය ඉවහල්වී ඇති බවත් පෙන්වා දුන්නේය. ඉදිරියේදී දෙරට අතර සංචාරක ව්‍යාපාරය සහ ආයුර්වේද ක‍්‍රමය වර්ධනය කිරීම සඳහා ජපන් ජාතිකයින්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර සේනාංක මහතා ඇතුළු රජයේ නිලධාරීහු කිහිප දෙනෙක් සහභාගී වුහ.

    HC/KT_med

    meeting with Japan Parliament Deligation 1

    meeting with Japan Parliament Deligation 2

    meeting with Japan Parliament Deligation 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya