ශ්‍රම වාසනා අරමුදල විසින් රුපියල් 50000/= ක ස්ථිර තැන්පතුවක්, රුපියල් 10000/= ක් වටිනා පාසල් උපකරණ කට්ටලයක් සහ පාසල්
පාවහන් සඳහා රුපියල් 2000/= ක් වටිනා තෑගි වවුචරයක් බැගින් ශිෂ්‍යත්වලාභී දරුදැරියන් 65 දෙනෙකුට ප්‍රදානය කෙරිණි. මේ සඳහා එම
අරමුදල විසින් වැයකෙරුණු මුදල රුපියල් 4,030,000 කි.
මෙම අවස්ථාවට අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් කමලිනී ද සිල්වා,කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා, ජාතික
ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නාලක කළුවැව සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්. ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
kpm