නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගමන් බලපත්‍රයට ජීවමිතික තොරතුරු ඇතුළත් කිරීමට ආගාමික විගාමික පනත සංශෝධනයට

    මාර්තු 19, 2015

    ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී හා අලුත් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේනතුවට එම බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට හැකිවනු පිණිස අවශ්‍ය විධිවිධාන සැලසීමට ආගාමික විගාමික පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද දහවල් (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

     

    මේ සඳහා 1948 අංක 20 දරන ආගාමික විගාමික පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya