නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 37ක පසු තුල්හිරිය හා පූගොඩ වර්ජකයින්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙයි

    මාර්තු 19, 2015
    1978 වර්ෂයේදී වැඩ වර්ජනයකට සම්බන්ධවීමේ ප්‍රතිඵලයක් ලෙස සේවය අහිමි වු තුල්හිරිය හා පූගොඩ කර්මාන්ත ශාලාවල සේවය කළ සේවකයන් 2396කට වන්දි ලබා දීම සම්බන්ධයෙන් වසර 37ක් තිස්සේ නොවිසඳුනු කම්කරුවන්ගේ ප්‍රශ්නයට නව රජයේ 2015 අයවැයෙන් ලබාදුන් මූල්‍ය  ප්‍රතිපාදන මත එක් වර්ජකයෙකුට රු.25000 බැගින් වු කරුණා සහගත දීමනාව ලබා දීමට රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වෙන් කරමින් අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  විසින් ඊයේ (18) කම්කරු අමාත්‍යාංශයේදී වන්දි මුදල් ප්‍රදානය කළ බව අධිකරණ හා කම්කරු අමාත්‍යාංශය පවසයි.
     
    පූගොඩ හා තුල්හිරිය කර්මාන්ත ශාලාවල සේවය කළ රැකියා අහිමි වු 2396ක් අතරින් මෙහි පළමු පියවර යටතේ වර්ජකයන් 48 දෙනෙකුට ඊයේ වන්දි මුදල් ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජෙනරාල් හේරත් යාපා ඇතුළු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
     
    අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය."දීර්ඝ කාලයක් තිස්සේ මෙම සේවක පිරිස තමන්ට සිදු වු අසාධාරණයට සාධාරණයක් ඉෂ්ඨ කර ගැනීමට දීර්ඝ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා. රජයේ ඇමතිවරයෙක් විදිහටත් නීතිඥ වෘත්තිකයෙකු ලෙසත් මේ පිරිස මුහුණ දුන් අමිහිරි අතිදැකීම පිළිබඳව පෞද්ගලිකව කණගාටු වෙනවා. ඒ නිසාම මේ පිරිසට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා මගේ මැදිහත් වීම මත මේ කරුණා සහගත දිමනාව ලබා දීමට අපිට හැකිවුනා. නමුත් මේ ගැටලුව පිළිබඳව තවදුරටත් මානුෂික වශයෙන් සිතා බලා  කටයුතු කිරිමට අප උත්සහ ගන්නවා. ඒ අනුව රැකියා අහිමි වු මේ පිරිසගේ පවුල්වල දූ දරුවන්ට රැකියා ලබා දීමේ දී විදේශ රැකියාවලට යොමු කිරීමේදි වැඩි ප්‍රමුඛාවයක් ලබා දීමට කටයුතු කරන බව මතක් කරන්න කැමතියි. නව රජයේ යහපාලන වැඩසටහනේ අපේ ඉලක්කය වන්නේ රාජ්‍ය සේවයේත් පෞද්ගලික අංශයේත් තෘප්තිමත්භාවයකින් යුතුව සේවකයන්ට වැඩකිරීමට ඉඩ සලසා දීමයි. ඒ සඳහා නව රජය වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටද පියවර ගනු ලබනවා. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ මහජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන ජනතා ජයග්‍රහණයක් බැවින් ඉදිරියේදී සෑම පුරවැසියෙකුටම අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා“ යැයි ද මෙහිදී ඇමතිවරයා පැවසීය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya