ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (02) වෙන් වෙන්ව පැවති සාකච්ඡාවන් හිදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්ෂක ලේකම්වරයා හමුවිය.
මෙම හමුවන් හිදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා ආරක්ෂක ප්‍රධානීන් සහ වැඩබලන පොලිස්පති සමඟ සුහදව සාකච්ඡාවන්හි නිරත විය.
2024 සැප්තැම්බර් මස 23 වන දින සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයා මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ ප්‍රථම නිල හමුව මෙයයි.