සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අක්ෂි රෝහලට රු.මි. 140කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ

    සැප්තැම්බර් 27, 2024

    මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව භාරදීම ඊයේ (26) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    මෙම වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ අතර අති නවීන තාක්ෂණයෙන් යුත් Slit Lamps - 05 Nos, Visual Field Analyser, Phaco Machine, Surgeon Stools, Multipara Monitors, Anaesthetic Machine, Specialised Operation Theatre Table සහ රසායනාගාර උපකරණ යටතේ Automated Slide stainer, Cytospin Machine, Tissue Processor යන උපකරණ විය.
    මෙහිදී ජාතික අක්ෂි රෝහලේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ මුලික ක්‍රියාවලිය යටතේ රෝගීන්ගේ දත්ත එක්රැස් කිරීම සදහා වන පොත හඳුන්වාදීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 6.5 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කණ්ණාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂි ආබාධවලින් පෙළෙන රෝගීන් 25 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කෙරිණි.
    සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අක්ෂි රෝහල මගින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීමට මෙම රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ ලබාදීම සහාය වනු ඇති බවයි. රෝහලේ අලුත්වැඩියාවන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද, මහල් 03 කින් සහ ශල්‍යාගාර 06 කින් සමන්විත ශල්‍යාගාර සංකීර්ණය ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරිමට හැකියාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් පැවසීය. තව ද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ අක්ෂි සේවාව ඇගයීමට ලක්ව ඇති බවද ඒ මහතා පැවසිය.
    මෙම අවස්ථාවට හිටපු අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, ජීව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාරත්න, කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු අක්ෂි ශල්‍ය විශේෂඥවෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya