නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු විදුහල්පති වැටුප් විෂමතා සමිබන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණය එක් නිලධාරියෙකුට පමණක් ගත නොහැකියි -අධ්‍යාපන ඇමති

    අප්‍රේල් 24, 2024

    රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ  වැටුප් විෂමතා ගැටලු‍ව  සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක විසින් යැවූ ලිපිය සම්බන්ධයෙන්  කරුණු විමසන ලෙස අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(24) පාර්ලමේන්තුවේදී පැවසීය. ප්‍රතිපත්තිමය කාරණා  සම්බන්ධයෙන් නිලධාරියෙකුට කරුණු විමසීීීම් සිදු කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

    2024.03.28 වැනි දින රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිය වැටුප් විෂමතා ගැටලු‍ව සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමෙන් අනතුරුව 2024.4.18 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් ලිපියක් යැවීම සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    1994 ගුරු සේවා ව්‍යවස්ථාව පිහිටුවීමත් සමග ලබාදුන් වැටුප් පියවරයන් 1997 බී.සී. පෙරේරා වැටුප් කොමිසමෙන් අහෝසි කිරීමෙන් ඇති වූ වැටුප් විෂමතා ගැටලුව අද දක්වා පැමිණ තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ,

    2022 මුල් කාලයේදී වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් ගත් තීරණ නිසා ගුරුවරු මාස තුනක් තිස්සේ පාරේ ඇවිද්දා. එම නිසා  අනුකමිටුවක් පත් කර ඒ වෙලාවට අවශ්‍ය විසඳුම ලබා දුන්නා. මෙයින් වැටුප් විෂමතාව අවසන් කියල අදහස් වෙන්නේ නැහැ. . ගුරු වැටුප් විෂමතාවයේ විසඳිය යුතු කොටස් තිබෙනවා.  මගේ ස්ථාවරය වන්නේ ප්‍රතිපත්තිමය කාරණා  සම්බන්ධයෙන් නිලධාරියෙකුට කරුණු විමසන් බැහැ. මේ පිළිබඳව මම කරුණු විමසා තිබෙනවා.

    වැටුප් විෂමතාවයේ තව විසඳිය යුතු කොටස් තිබෙන බවත් එම විෂමතාවය විසඳී නොමැති බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගුරු ශ්‍රේණියට සමගාමීව විදුහල්පති , අධ්‍යාපන පරිපාලන, ගුරු උපදේශ , ගුරු අධ්‍යාපනක්ඥ  යන ‌ සේවා හතරෙම විෂමතා තිබෙන බවත් මේ සම්බන්ධයෙන් කමිටු වාර්තා  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යොමු කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya