මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනෙ න් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24159කට සහන

    අප්‍රේල් 24, 2024

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීමේ ජාතික වැඩසටහන සංකේතවත් කරමින් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ වැඩසටහන පසුගියදා(22) මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමයේදී පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    "කොළඹ නගරයේ ජනතාවටත්, දරුවන්ටත් විශ්වාසවන්තව ජීවත්විය හැකි අනාගතයක් ගොඩ නැංවීම සදහා අවැසි පරිසරය සකසනවා.
    එහි පළමු පියවර ලෙස ඔවුන්ගේ ආහාර සුරක්ශිතතාව සහතික කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කොට තිබෙනවා."

    එහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ඒ විජේසිරි මහතා...

    "ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ අස්වැසුම ප්‍රතිලාභීන්, වකුගඩු දීමනා ලාභීන්, ආබාධිත ආධාර ලාභීන්, සමෘද්ධිලාභීන්, වැඩිහිටි දීමනා ලාභීන් හා අනිකුත් රෝගාධාරලාභීන් මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. පවුල් ලක්ෂ තිස් නවයකට සහල් බෙදා දීම සඳහා රුපියල් බිලියන 126.1 රජය වැය කරනවා. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් තෝරාගත් පවුල් එක් ලක්ෂ අසතුන් දහසකට මෙම ප්‍රතිලාභය හිමියි."

    එහිදී අදහස් දැක්වූ කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා...

    "පසුගිය වසරේ මේ වැඩසටහන ආරම්භ කරපු වෙලාවේ විවිධ බාධක ගැටලු ඇතිවුණා. ඒ බාධා හමුවේ ඉදිරියට එන විට අපි වැදගත් තොරතුරක් හඳුනාගත්තා. අපේ රටේ සියලු මූල්‍ය පද්ධතිවල සෙවන ලබන කොළඹ නගරයේ පවුල් දස දහසකට වැඩි පිරිසක් කිසිදු බැංකු ගිණුමක් නොමැති, අපේ රටේ මූල්‍ය පද්ධතියෙන් සහ මුලින්ම ඉවත්ව සිටින පිරිසක් බව හඳුනාගන්න ලැබුණා. ලංකාවේ ප්‍රධානම වාණිජ නගරයේ, ලෝකය සමඟ ලංකාව ගනුදෙනු කරන ප්‍රධාන නගරය, අවුරුදු දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක් සහිත නගරය වෙලත් ඒ නගරයේ පවුල් දස දහසකට වැඩි ප්‍රමාණයක් කිසිදු බැංකුවක් සමඟ ගනුදෙනු නොකිරීම පිළිබඳ හඳුනා ගැනීමම මෙම වැඩසටහනේ ජයග්‍රහණයක්.
    අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වූ සෑම අවස්ථාවකදීම වරින් වර මෙම ප්‍රදේශයට පැමිණ විවිධ වැඩකටයුතුවලට මහජනතාවට සහනය දෙන්න , සෙතක් සලසන්න කටයුතු කළා. නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයාව සිටියදී, නිවාස, නිවාස ඉදිකිරීම් සහන, ප්‍රතිපාදන, ජලය ලබා දුන්නා. මේ විදියට කොළඹ ජනතාවට විසල් සේවයක් කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළා. ඒ අපේ රටේ පැවති දැවැන්ත පෝලිම් යුගයක් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ අවස්ථාවේ අපේ රටේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනාගේ පෝෂණය සහතික කරන්න ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ගියා. ඒ ගමනේදී කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම දරිද්‍රතා සංඛ්‍යා ලේඛන තිබෙන මේ ප්‍රදේශය අමතක නොකර පැමිණීම මේ ප්‍රදේශයට කරපු ගෞරවයක්. වසංගත කාලයේදී ගෙයින් ගෙට ගිහින් ජීවත් කරපු ජනතාව ආහාර අතින් සුරක්ෂිත කිරීමට ඇරඹූ වැඩසටහනේ තවත් පියවරක් කොළඹ උතුර සමිට්පුර ප්‍රදේශයේ අද ක්‍රියාත්මක කරනවා . සමිට්පුර හැදුනේ නොබැදි සම්මේලනය පවත්වා නැවත පදිංචි කිරීම තුළයි. ඒ මීට වසර පනහකට පෙර. අද අවුරුදු පනහකට පසුව අපි නැවත මේ ප්‍රදේශ ජයග්‍රහණ ඉලක්කයක් කරා ගෙන යන්නට කටයුතු කරනවා."

    මෙම අවස්ථාවට රාමඤ්ඤ මහානිකායේ අනුනායක, ශ්‍රී වික්‍රමාරාමාධිපති මාතලේ කුසලධම්ම හිමි, කොළඹ ප්‍රාදේශීය ලේකම් සඳරුවන් අනුරුද්ධ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභීන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya