මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

    අප්‍රේල් 23, 2024

    ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ.

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ප්‍රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

    මෙලෙස, හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා ක්‍රියාත්මක වූ අතර එම කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya