මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙට රැස් වේ

    අප්‍රේල් 23, 2024

    පාර්ලිමේන්තුව හෙට(24) රැස්වෙන අතර,  විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ  දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට පැවැත්වීමට  පසුගියදා  (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

     හෙට(24) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.

    අනතුරුව පෙ.ව 10.30 සිට පෙ.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

     

    අප්‍රේල් 25 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 10.30 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2338/39 සහ 2352/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග, සුරාබදු ආඥා පනත යටතේ අංක 2364/35 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදන, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2364/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමය සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.

    ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පෙර දින පවත්වා කල්තබන ලද  පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට තීරණය වී තිබේ.

     

    එසේම අප්‍රේල් 26 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය විී ඇත.

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya