මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය ට සියලු කටයුතු සූදානම් - උත්සවය ට අදාල සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    අප්‍රේල් 22, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඉබ්‍රහීම් රයිසි ( Dr. SEYYED IBRAHIM RAISI) මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන අප්‍රේල් 24 දින උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය ට අදාල සංවිධාන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උමාඔය බලාගාර පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේශා (Dr. Alireiza Delkhosh ) ඩෙල්කොෂ් මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විනි.

     

    උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතිය ට පැවැරීමේ උත්සව අවස්ථාව සඳහා ඉරාන ජනාධිපති වරයා ගේ පැමිණිමට අදාලව සියළු කටයුතු පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කරනු ලැබීය.

    මෙම සාකච්ඡාව සඳහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා ඇතුළු, විදේශ කටයුතු, වාරිමාර්ග, විදුලි බල, මහවැලි, මහාමාර්ග, යන ආයතන මෙන්ම බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම් වරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

    එමෙන්ම ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන්, ඉරාන ජනාධිපති වරයාගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්, සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

    සාකච්ඡාවෙන් අනතුරු ව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ භූගත විදුලි බලාගාරය නිරීක්ෂණය කළා ය.

    නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රටට ත්, ජනතාව ට ත් අත්කර දීමට හැකි වීම සුවිශාල ජයග්‍රහණයක් බවයි.

    මෙගාවොට් 120 ක ජල විදුලි බලයක් නිෂ්පාදනය කිරීම ට අමතරව බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන් හි කුඹුරු අක්කර 15000 කට යල මහ දෙකන්නයේ ම වගා කටයුතු සඳහා ජලය සැපයීමට හැකිවීමත්, බදුල්ල, මොණරාගල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතාව ට තිරසාර විසඳුමක් ලබා දීමට ත් උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් අවකාශ සැලසේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya