මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ අන්තර්ජාතික පැසසුම්

    අප්‍රේල් 21, 2024

    දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසර මැද රැස්වීම් 2024  සාර්ථකව අවසන් විය. මෙම තීරණාත්මක රැස්වීම් වලදී ධනාත්මක ප්‍රතිඵල ලබා ගත් අතර, එය අපගේ රට සඳහා නව අධිෂ්ඨානශීලී ගමන්මගක් සහ බලාපොරොත්තුවක් සනිටුහන් කළ බවයි සමුළුවට එක් වූ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට සඳහන් කළේ.

    ශ්‍රි ලංකාවේ ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වයේ ළගාකරගෙන ඇති ප්‍රගතිය අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් රටේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පිළිගෙන ඇති අතර ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතතිතුමාගේ නායකත්වය යටතේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අගය කළ බව සේමසිංහ මහතා පෙන්නා දුන්නේ ය.

    මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ දැනට ක්‍රියාත්මක වන පාලන ප්‍රතිසංස්කරණ එහි දී අගය කෙරුණු අතර ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට අවස්ථාවන් රැසක් සමුළුව අතරතුර දී උදාවිය.

    තවද, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා සහයෝගය ලබාදීම අගය කර යුතු අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ළඟාකර ගැනීමට කටයුතු කරන අතර, ණය තිරසාරභාවය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සංසන්දනාත්මක බව සහතික කරන සාර්ථක ණය නිරාකරණයේ ප්‍රගතියක් අත්කරගත හැකි බව අතුළු සියලු පාර්ශවයන්ගේ විශ්වාසයි.

    අපේ රටේ ආර්ථික ස්ථාවරකිරීමට සහ වර්ධනය කරා යන ගමනට සියලු ශ්‍රී ලාංකිකයන් එකමුතු වී සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය වේ. රටක් වශයෙන් අපගේ ප්‍රගතියට බාධාවක් විය හැකි හෝ ස්ථාවරත්වය

    සහ සෞභාග්‍යය සඳහා වන අපගේ ප්‍රයත්නයන් අඩපණ විය හැකි ක්‍රියාවලින් වැළකී සිටිම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතු බවයි සේමසිංහ මහතා පවසන්නේ.

    මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් මිදීමේ දී ශ්‍රී ලංකා රජයට යහපත් භාවිතයන් ඇතුළත් ශක්තිමත් තීරණාත්මක තීරණ හා ක්‍රියාමාර්ග ගැනීමේ දී සහයෝගය දැක්වු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු අතූළු බහුපාර්ශවීය පාර්ශවකරුවන්ට සහ ගෝලීය හවුල්කරුවන්ට අපගේ කෘතඥතාව පුද කරන අතර මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රටේ ජනතාව ඉවසිලිමත්ව හා අධිෂ්ඨානයෙන් කටයුතු කීරිම සම්බන්ධව ගෞරවය පුදකිරන බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

    සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya