මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිලෙන් අධික Silver Tips තේ වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක්

    අප්‍රේල් 21, 2024

    තේ කර්මාන්තයේ දී මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාත තුළ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළ පසුගියදා (19) කටුවන දී ආරම්භ කරනු ලැබීය. ඒ අනුව වලස්මුල හා ඔකේවෙල යන ප්‍රදේශවල ද කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට  මෙම තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින්  සිදු කෙරිණි. 

    කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තේ පැළ හා උපකරණ බෙදා දීම සිදු කෙරුණු අතර ඊට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී.ජී. මහීපාල මහතා ද සහභාගි වී සිටියේය.

     

    දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැළකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍ර‌ෙභ්දය දකුණු පළාතේ වගාව ආරම්භ කළ එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන් අතර තේ පැළ බෙදා දීම මෙහිදී සිදුවිය.

     

     

    මෙම වැඩ සටහන යටතේ එක් ගෘහණියකට 20/43 තේ පැළ 300ක් බැගින් ලබා දෙන අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින්  නොමිලයේ සපයයි. මෙම Silver tips තේ කිලෝවක් රුපියල් 50,000ක් වන අතර තේ වගාව ආරම්භ කර වසරකට පසු මෙම ගෘහණියන්ට තම මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට හැකිවේ.

     

     

    මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද  අමරවීර මහතා -

     

    අපේ රටේ තේ කර්මාන්තයේ අනාගතය ආරක්ෂාව වීමට නම් අපි නව අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා යොමු විය යුතුයි. ශ්‍රී ලංකා තේවලට ඇති කීර්ති නාමය ආරක්ෂා වන පරිදි තේ නිෂ්පාදනය කිරීම සෑම තේ කර්මාන්තකරුවෙකුගේම වගකීම විය යුතුයි. අපේ තේ අපනයනය කිරීමේ දී හැකි තරම් ප්‍රතික්ෂේපිත තේ අඩංගු කිරීම වළක්වා ගත යුතුයි.

    මේ නිසා අපි මෙම වසරේ ජනවාරි මස 01 දින සිට B-60 ප්‍රතිපත්තිය අනිවාර්ය කර තිබෙනවා. තේවල අඩංගුවල තේ දළුවලින් හොඳම ප්‍රමාණය සියයට 60 සිට 80 දක්වා ගෙන ඒම අපේ ඉළක්කයයි. ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙනවා. මෙම කීර්ති නාමය අපි අඛණ්ඩව ආරක්ෂා කර ගත යුතුයි.

    අද දින බෙදා හරින මෙම 20/43 තේ ප්‍රභේදය සිල්වර් ටිප්ස් තේ නිෂ්පාදනය  ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩ සටහනක්. සිල්වර් ටිප්ස් තේ යනු ලෝකයේ ඉහළම මිලක් ඇති තේ  විශේෂයක්. දකුණු පළාතේ කටුවන, වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල කාන්තාවන් 300ත් බැගින් තෝරාගෙන ඔවුන්ට මෙම වගාව සඳහා අවශ්‍ය තේ පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය ජල පොම්ප ඇතුළු සියලු පහසුකම් අපි ලබා දෙනවා.

    මෙමගින් වසරකට පසු මෙම ගෘහණියන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බැගින් ඉහළ නැංවීම අපේ ඉළක්කයයි. ඒ වගේම සිල්වර් ටිප්ස් තේ කර්මාන්තය Home Made නැත්නම් ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීම අද ආරම්භ කළා. මේ සඳහා කටයුතු කළ කුඩා තේවතු සංවර්ධන අධිකාරියට මගේ ස්තුතිය පිරිනමනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya