මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු දින ප්‍රහාරය සිදු වී අදට පස් වසරක් සපිරේ

    අප්‍රේල් 21, 2024

    පාස්කූ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) පස් වසරක් සපිරෙන අතර, එම ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන් සිහි කරමින්  දිවයින පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද  විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ.

     ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

    2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

    එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් සිදු ව වූ අතර එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වූහ.

    මිය ගිය පිරිස අතර විදේශිකයන් 45 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද වූහ.

    ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් අටදෙනා ද ඉන් මරණයට පත් වී තිබුණු අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya