මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදේදී රෝගී වූ විදේශීය ජාතිකයෙකුට නාවික හමුදාවෙන් ප්‍රතිකාර

    අප්‍රේල් 21, 2024

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදීහදිසි  අනතුරකින් වම් අතෙහි ඇඟිලි දෙකකට  (02) සිදුවූ  කැපීම් තුවාල හේතුවෙන්  අසාධ්‍ය  තත්වයට පත් වූ M/V MARIMAN නැමැති  වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයෙකුඑම නෞකාව වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව,  කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව ඊයේ( 20)කටයුතු කෙරිණි. 

    ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා යාත්‍රා කරමින් තිබූ  M/V MARIMAN නැමැති වෙළඳ නෞකාවේ සිදුවූ හදිසි   අනතුරකින් කාර්යය මණ්ඩලයේ  සිටින  විදේශීය ජාතිකයෙකු ගේ   වම් අතෙහි ඇඟිලි දෙකකට (02) සිදුවූ  කැපීම් තුවාල හේතුවෙන්  අසාධ්‍ය  තත්වයට පත්වී ඇති බවට කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත 2024 අප්‍රේල් මස 19 දින රාත්‍රියේ  දැනුම් දීමක් සිදුකරන ලදි. 

    එම දැනුම් දීමට කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වහාම ප්‍රතිචාර දක්වමින්රෝගී තත්වයේ සිටි එම විදේශීය ජාතිකයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත පී 411 වේග ප්‍රහාරක මුර යාත්‍රාව රෝගී වූ විදේශීය ජාතිකයා සහිත වෙළඳ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. ඒ අනුවරෝගීවූ පුද්ගලයා වෙළඳ නෞකාවෙන් වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුවප්‍රථමාධාර ලබා දෙමින් අද දින (2024 අප්‍රේල් 20) හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

    තවදනාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය  සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහානාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya