මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් රැකියා අවස්ථා හිමි කර දෙන විශේෂ ව්‍යාපෘතියක් හෙට සහ අනිද්දා මන්නාරම - ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනින්

    අප්‍රේල් 19, 2024

    ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී වීසා පදනමක් යටතේ ජපානයේ රැකියා අවස්ථාවන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදී තිබෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය අප්‍රේල් 20 සහ 21 දෙදින තුළ මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ක්‍රියාත්මක කෙරේ.

    ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට ජපානය පත්වී ඇත. ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා කළයුතු වන්නේ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරමට පැමිණීමයි.

    නිත්‍යානුකූල ක්‍රමවේද කිහිපයක් හරහාම ජපන් සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව උදාකර දී ඇති අතර එහි දී ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී වීසා පදනමක් යටතේ ජපානයේ රැකියා අවස්ථාවන්ට ප්‍රවේශ වීමට  අවස්ථාව ලබාදී තිබෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් දැන් ඔබටත් ජපානයේ රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

    ශ්‍රී ලංකාව හා ජපානය අතර සිදු කරන ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු කෙරේ. එම පරීක්‍ෂණය සමත් වන්නන් සඳහා වසර (05) පහක කාලයක් ජපානයේ රැකියාවෙහි නිරත වීමේ අවස්ථාව උදාකර දී ඇත. SSW වැඩසටහන යටතේ ජපානය විසින් රැකියා ක්ෂේත්‍ර 14 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් දැනට ක්ෂේත්‍ර 6 ක් සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දී ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya