මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දමිල ජනතාවගේ සියලු ගැටලු වලට විසදුම ජාතික සංහිදියාවයි - අමාත්‍ය ඩග්ලස් දේවානන්ද.

    අප්‍රේල් 19, 2024

    මෙරට දමිල කතා කරන ජනතාවගේ සියලු ගැටලු විසදා ගැනිමට ජාතික සංහිදියාව ශක්තිමත්ව පවත්වාගන යැමෙන් හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනය විශ්වවිද්‍යලයේ ප්‍රඡාතන්ත්‍රවාදි සේවක සංගමයේ 10 වන වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන  ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියේය.

    මෙම අවස්ථාවේදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා තමන් දමිල ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනිම සදහා ආයුධ සන්නද්ධ අරගලයක නිරත වි සිටි බවත් ඉන්දු ලංකා ගිවිසුමේන් පසු ප්‍රඡාතන්ත්‍රවාදි ප්‍රවාහයකට එක් වි පාර්ලිමෙන්තුව නියොජනය කරමින් ජාතික සංහිදියාව ශක්තිමත් කොට දමිල කතා කරන ජනතාවට අවශ්‍ය විසදුම් ලබා දිම සදහා විවිධ උත්සහයන් දැරු බවත් එම උත්සහායන් බෙහෙමයක් ඵල ගැන්වි තිබෙන  අතර එම යතාර්ථය පිළිගනිමින් යාපනය සරසවියේ ප්‍රඡාතන්ත්‍රවාදි සේවක සංගමය කටයුතු කිරිම ගැනම තමන් සතුටුවන බව ප්‍රකාශ කළේය .

    මෙහිදි මෙම අවස්ථාවට සහභාගි වු යාපනය විශ්ව විද්‍යයාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රි පට්කුනරාජා මහතා ප්‍රකාශ කර සිටියේ උතුරේ වර්ථමානයේ සිටින දේශපාලඥයනගෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද උතුරු පළාතේ ජනතාවගේ දුක් වේදනා හදුනාගත් විශේෂතා මානව හිතවාදි දේශපාඥයකු බවත් ඔහු තම ජනතාවගේ  අනාගතය හා ආර්ථිකය ගොඩනැගිම සදහා අතිශය කැපවිමේන් කටයුතු කරන බවද එ තුමාට ලැබේන සැම අවස්ථාවක්ම උපයෝගි කර ගනිමින් ජනතාවගේ ආර්ථිකය හා අනාගත අභිවෘරධිය වෙනුවෙන් කටයුතු කරන බවද ප්‍රකාශ කලේය.රටේ ජාතික දේශපාලනයේ ප්‍රධාන තැනක් හිමිකරගන සිටින එ තුමා දමිල දරුවන්ගේ අධ්‍යාපනය උසස් තත්වයට පත් කිරිම උදෙසා තිබු සියලු බධාවන් ඉවත් කිරිමට කටයුතු කළ බවද ප්‍රකාශ කළේය .තවද එ තුමාගේ බුද්ධිමත් ක්‍රියා දාමයන් හේතු කොට ගෙන උතුරු පලාතේ තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා බහුල කර තිබේන බවත් එම නිසා දමිල ජනතාවගේ ගැටලු විසදා ගැනිමට සුදුසුම දේශපාලන නායකයන් අතර එ තුමා වඩාත් ඉදිරියෙන් සිටින චරිතයක් බව දමිල ජනතාව වටහා ගත යුතු බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරුන් ඇතුලු අචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහ අධ්‍යය හා  අන්ධ්‍යයන  කාර්යමණ්ඩලවල  නිලධාරින් පිරිසක්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya