මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ජාතික රුක් රෝපණ නැකතට පැළ රෝපණය කිරීම සිදු කෙරේ.

    අප්‍රේල් 18, 2024

    සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත  වශයෙන් අදට (18)  යෙදුණු පැළ රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්   පැවැත්විණ.

    පෙරවරු 10.16ට යෙදුණු සුබ නැකතින් පැළ රෝපණය කර, මෙම ජාතික නැකත සමරනු ලැබූ අතර, ‍මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රයේ දී පළතුරු පැළ රෝපණය කිරීම සිදු කරනු ලැබීය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කාදර් මහතාත්, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් හා සියලු කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා -   2020දී මම පරිසර අමාත්‍යවරයාව සිටියදී පළමු වරට පැළ සිටුවීමේ නැකත සිංහල දෙමළ අලුත් අවුරුදු සීට්ටුවට ඇතුළත් කිරීමට හැකි වුණා. ජාතික නැකත් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව පැළ සිටුවීමේ නැකත දැන් වෙනම ම නැකත් චාරිත්‍රයක් ලෙස පවත්වා ගෙන එනවා.

    එදා පරිසර අමාත්‍යවරයා විදිහට මගේ ඉලක්කය තිබුණේ අපේ වනගහනය 30%ක් දක්වා වර්ධනය කිරීමේ ඉලක්කය ජය ගැනීමයි. ඒ නිසා මා ප්‍රකාශ කළේ,  කුමක් හෝ පැළයක් රෝපණය කරන ලෙසයි. වර්තමානයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට ජනතාවගෙන් ඉල්ලන්නේ, කුමන හෝ පැළයක් නොව ඵලයක් දෙන පැළයක් රෝපණය කරන ලෙසයි. 2018 මම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී කොස් පැළ මිලියනයක් වගා කිරීම ආරම්භ කළා. එදා රෝපණය කළ කොස් ගස් අද ඵල දෙන තත්ත්වයට වර්ධනය වී තිබෙනවා.

    ඔබ දන්නවා, අපි දැන් සහලින් ස්වයංපෝෂිතයි. 2022දී අපි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් අපනයනය කළා. නමුත් දැන් අපි සහල් ආනයනය  කිරීමේ  අවශ්‍යතාවයක් නැහැ.  2023 වසර පුරාම අපේ ජනතාව පරිභෝජනය කළේ අපේ රටේ වගා කළ වී වලින් ලබාගත් සහල්. මේ වසරේ දීත් ඇතිවෙන්නට තරම් සහල් අපේ රට් වගා කර තිබෙනවා.  අපේ ඉලක්කය අකිතුත් ආහාර බෝගවලින් ද ස්වයංපෝෂිත වීමයි.

    ජාතික රුක් රෝපණ නැකත තුළ අපි පැළ මිලියනයක්වත් රෝපණය කළ යුතුයි. ඒ ඉලක්කය අපිට තියෙනවා. මේ රෝපණය කරන හැම පැළයක්ම  කිසියම්   ආදායමක් ලබා දෙන පැළයක් මෙන්ම ඵලයක් දෙන පැළයක් බව මම ප්‍රකාශ කරනවා.

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පුවක් පැළ මිලියන 1.5ක් රෝපණය කිරීම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් තේ වතුවල පුරප්පාඩු සිටුවීම සඳහා තේ පැළ මිලියන 1.3ක් රෝපණය  කිරීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු  ලක්ෂයක් වගා කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් වගා කිරීම ඇරඹීම, පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල් පැළ ලක්ෂයක් අලුතින් රෝපණය කිරීම, කුරුඳු, ගම්මිරිස් වැනි කුළුබඩු පැළ වර්ගත් රෝපණය කිරීම අදින් ඇරඹෙනවා.

    ඒ අනුව දිවයින පුරා කෘෂිකර්ම හා වැවාලා කර්මාන්ත අමාත්‍යාංශය යට‍තේ ඇති සෑම ආයතකයකම කාර්යාල පරිශ්‍ර තුළ මෙම ජාතික රුක් රෝපණ නැකතට සමගාමීව ඵලයක් දෙන පැළයක් සිටුවීම සිදු කරනවා. යැයි ද අමාත්‍යවරයා සදහන් කළේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya