අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියෝගවලට මුහුණ දීම සඳහා තව දුරටත් ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශවීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරන බව ඇමැති ශෙහාන් G-24 මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී කියයි

    අප්‍රේල් 17, 2024

    ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තව දුරටත් ඒ සඳහා ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහය අපේක්ෂා කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා G-24 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අමතමින් පවසයි.

    අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති අතර අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ඍජු විදේශ ආයෝජන මගින් විදේශ ණය ලබා ගැනීමකින් තොරව ආර්ථිකය නව වර්ධන මාවතකට යොමු කිරීමේ ක්‍රියාවලියක රජය දැන් නිරතව සිටීන බවයි. තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මෙවැනි සමුළුවල වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ද්වී පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය හවුල්කරුවන්ගේ සහයෝගය සමග ලෝකයේ හොඳම භාවිතයන් අනුගමනය කිරීමට රජය කටයුතු කරන බවයි.  

    මේ අතර අමාත්‍යවරයා ජෛව විවිධත්ව මූල්‍ය සංසදයේදී අදහස් දැක්වු අතර COP 27 හිදී දියත් කරන ලද දේශගුණික සෞභාග්‍ය ​​සැලැස්මට අනුව රටේ ප්‍රමුඛතා සහ ඉදිරි ගමන සම්බන්ධවයෙන් එහි දී අදහස් පළ කළේ ය. 2030 වන විට රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 35% සිට 70% දක්වා ඉහළ නැංවීමේ ශ්‍රි ලංකාවේ ඉලක්කය බව එහි දී පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ශුන්‍ය කාබන් ආර්ථිකයක් බවට පත් කිරීමට රටේ සැලැස්ම සකසන බවත්, ශ්‍රී ලංකාව දැනටමත් සමුද්‍රීය අවකාශීය සැලැස්ම කෙටුම්පත් කිරීමේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා දැනටමත් වැඩ කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya