අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට විශේෂ බස් සහ දුම්රිය සේවා

    අප්‍රේල් 16, 2024

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි. 

    ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග ඒකාබද්ධව  මෙම බස්රථ සේවාව  ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව අම්බලන්ගොඩ, අම්පාර, අනුරාධපුර, බදුල්ල, හලාවත, ඇඹිලිපිටිය, කදුරුවෙල, හැටන්, නුවරඑළිය, වැලිමඩ, නුවර, කුරුණෑගල, මොනරාගල ආදි ප්‍රදේශවලින් මෙම විශේෂ බස් රථ ආරම්භ වේ. එමෙන්ම අධිවේගී මාර්ගය ඔස්සේ මාතර – කොළඹ, මාතර – මාකුඹුර, මාතර – කඩුවෙල, මාතර – කඩවත, මාතර – පානදුර, ගාල්ල – මාකුඹුර, ගාල්ල – කඩුවෙල, ගාල්ල – කඩවත, තංගල්ල – කොළඹ, ඇඹිලිපිටිය – කොළඹ, ඇල්පිටිය – කොළඹ‍, ඇල්පිටිය – මාකුඹුර, අම්බලන්ගොඩ – මාතර ආදි වශයෙන් බස් රථ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශවලින් සෑම විනාඩි 15ත් 30ත් අතර කාල සීමාව තුළ වරකට බස් රථ පිටත්වේ.

    එමෙන්ම බස් රථ සේවාව මෙන්ම විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව බදුල්ල සිට කොළඹ දක්වා අද (16) දින පෙරවරු 05.45ට පළමු දුම්රිය පිටත්වන අතර පෙරවරු 07.45ට විශේෂ දුම්රියක් පිටත්වේ. එමෙන්ම සාමාන්‍ය පරිදි පෙරවරු 08.45ට‍, පෙරවරු 10.15ට සහ පස්වරු 5.20ට විශේෂ දුම්රියක් සහ පස්වරු 6.30ට තවත් දුම්රියක් කොළඹ බලා පිටත් වේ. එමෙන්ම ගාල්ල සිට කොළඹ කොටුව, මාතර සිට කොළඹ කොටුව, බෙලිඅත්ත සිට කොළඹ කොටුව ආදි වශයෙන්ද විශේෂ දුම්රියන් යොදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya