මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දෙසට ප්‍රථම වරට පැවැත්වූ මුහුදු කායක් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

    අප්‍රේල් 12, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවක්‍රීඩා අමාත්‍යංශයශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය සහ ඉන්දීය කැනෝයි හා කායක් සංගමය එක්වප්‍රථම වරට සංවිධානය කල ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට  වූ මුහුදු කායක් තරඟාවලිය (Adam's bridge paddle challenge)  ඊයේ(11)  දින සාර්ථකව නිමාවට පත් විය. 

    මන්නාරම සහ යාපනය අර්ධද්වීපය  ඇතුළු උතුරු  ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු තීරය,  ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සඳහා  ඉතාමත් සුදුසු වටිනා ස්වභාවික පාරිසරික පද්ධතියකින් සමන්විත වේ. එවන් පසුබිමක නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සංකල්පයක් මතඋතුරු පළාතේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනුලබන ජල ක්‍රීඩා ආශ්‍රිත  සංචාරක ප්‍රවර්ධනයඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන  සුහදත්වය  හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම  වෙනුවෙන් විශාල දායකත්වයක් ගෙන දෙනු ලබනමෙම ඉන්දු ශ්‍රී ලංකා කායක් තරඟාවලියේ සමාරම්භක උත්සවය2024 අප්‍රේල් මස 10 වන දින සන්ධ්‍යාවේ උතුරු පළාත් ප්‍රධාන ලේකම්ලෙඩ්චුමනන් ඉලංගෝවන් මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා  ගේ ප්‍රධානත්වයෙන්  තලෛයිමන්නාරම් වෙරළ තීරයේදී පැවැත්විණි.

    අනතුරුව2024 අප්‍රේල් මස 11 වන දින උදෑසන තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට පැවැත්වූ මෙම Adam's bridge paddle challenge තරඟාවලිය සඳහාශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය(National Canoe and Kayak Association of Sri Lanka), Jade High School Kayaking Club, Adventure SEALs, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකා ගුවන් හමුදාවශ්‍රී ලංකා නාවික හමුදාව, Bolgoda Lake Rowing Club, Royal College Colombo 07, Gateway College සහ Lanka Adventure යන කායකින් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස් එක් දෙනෙකු (31) සහභාගී වූ අතර,   ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය නියෝජනය කරමින්  ක්‍රීඩකයින් තිදෙනෙකු (03) සහභාගී වූහ. එමෙන්මඒ සඳහා නාවික හමුදාධිපති කායක් පැදි යාත්‍රාවක් මඟින් සහභාගී වීම විශේෂතත්වයක්වූ අතරදිවයින වටා කායක් පැදි යාත්‍රාවක් මඟින් යාත්‍රා කර වාර්තාවක් පිහිටුවාඒ පිලිබඳ විශේෂඥ අත්දැකීම්හා දැනුමක් සහිත නාවික හමුදාධිපති   Adam's bridge paddle challenge තරඟාවලිය සඳහා සහභාගීවීමතරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල  දිරිගැන්වීමක්‍ ද  ගෙන දෙන්නට සමත් විය.

       

    2024 අප්‍රේල් මස 11 වන දිනමෙම තරඟාවලිය සඳහා සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාගපදක්කම්සහතික සහ කුසලාන ප්‍රධානය කිරීමනාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරානාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකනාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියාල් විතානඋතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන් නවරත්නදකුණු නාවික විධානයේ ආඥාපති හා ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමයේ සභාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහඋතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමයේ ලේකම් කපිතාන් චමින්ද විජේසිරි ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහාභාගීත්වයෙන්  සහ ඉන්දීය කායක් සංගමයේ   නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් තලෙයිමන්නාරම් වෙරළ තීරයේදී  සිදුකෙරිණි.

    ඒ අනුව, K 1 සහ Kවශයෙන් පැවති මෙම තරඟාවලියේ K 1අංශයේ පිරිමි ශූරතාවය (Best Paddler) ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ආර්ආර් සේනාරත්න විසින්ද, K 1අංශයේ පිරිමි දෙවන ස්ථානය නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි ජේසී ජයසිංහ විසින්ද, K 1අංශයේ පිරිමි තෙවන ස්ථානයනායක නැවිඑච්එම්ඒඩී ගුණතිලක විසින්ද, K 1අංශයේ කාන්තා ශූරතාවය (Best Paddler) ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා‍ කේඩබ්එන් මධුෂානි විසින්ද, K 1අංශයේ කාන්තා දෙවන ස්ථානය එම්ජේ ද සිල්වා ක්‍රීඩිකාව විසින්ද, K 1අංශයේ තුන්වන ස්ථනය එස්එම් ද සිල්වා ක්‍රීඩිකාව විසින්ද, K 2අංශයේ පිරිමි ශූරතාවය නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි ජේසී ජයසිංහ විසින් සහ නායක ඉංජිනේරු කාර්මික ජේබී ඒකනායක විසින් දිනා ගැනීමට සමත් විය.

    එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිමෙම තරඟාවලිය සඳහා ඉදිරියේදී විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වනු ඇති බවත්එමඟින් උතුරු  ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු කලාපයේ ජල ක්‍රීඩා ප්‍රචලිත  වීමෙන් විශාල සංචාරක ප්‍රවර්ධනයක් ඇති වනු ඇති බවත් ප්‍රකාශ කරන ලදී. 2025 වර්ෂයේදීමෙම තරඟාවලිය ඉන්දියාවේ සිට තලෙයිමන්නාරමට පවත්වන බවත්ආරම්භක ස්ථානය එලෙස වෙනස් කරමින් වාර්ෂිකව මෙම තරඟාවලිය පැවැත්වීමෙන් දෙරටේ සංචාරක ප්‍රවර්ධනයටත්සංස්කෘතික හුවමාරුව තුලින් දෙරටේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා වඩාත් ශක්තිමත්ව වර්ධනය වීමටත් මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇතිබවත් පවසන ලදී.

    තවදප්‍රථම වරට පැවැත්වූ මෙම තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රදේශයේ පාසල් දූ දරුවන් පිරිසක්ද එක් විය. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ඉන්දීය කායක්  සංගමය නියෝජනය කරමින් නියෝජිතයින්ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්රාජ්‍ය නිලධාරීන්දිවයිනේ ප්‍රකට කායක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නියෝජිතයින්ත්‍රිවිධ හමුදා කායක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්පාසල් කායක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya