මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද(12) සහ හෙට(13) මත්පැන් අලෙවිසැල් වසා තැබීම ගැන දැනුම්දීමක්

    අප්‍රේල් 12, 2024

    අප්‍රේල් මස 13 වනදාට යෙදී ඇති අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළඹෙන 12 සහ 13 යන දෙදින විශේෂ අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

    සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහළ හෝටලවල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන සඳහා එය අදාළ නොවේ.

    2024. 04. 23 වන දිනට යෙදී ඇති බක්පුර පසළොස්වක පෝය දිනයේදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබීමටද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

    මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි, සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබාදෙන මෙන් මහජනතාව දැනුවත් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya