මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Indigo ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාව ශක්තිමත් කරයි - අද සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් වලට එක් වේ

    අප්‍රේල් 12, 2024

    අප්‍රේල් 12 සිට මුම්බායි-කොළඹ සෘජු ගුවන් ගමන් එකතු කරමින් ඉන්ඩිගෝ ශ්‍රී ලංකාව වෙත සිය සම්බන්ධතාව පුළුල් කර ඇත.

     ඒ අනුව ඉන්ඩිගෝ සතියකට තුන් වතාවක් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇත.


    ඉන්ඩිගෝ කොළඹ සිට ඉන්දියාවේ ගමනාන්ත තුනකට (චෙන්නායි දිනකට දෙවරක්, බැංගලෝර් දිනකට එක් වරක් සහ හයිද්‍රාබාද් සතියකට දින හයක්) ක්‍රියාත්මක වේ.

    මෙම නව මාර්ග ව්‍යාප්තියත් සමඟ මෙය ගමනාන්ත හතරක් දක්වා ඉහළ යනු ඇති අතර එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාර, වෙළෙඳ සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සපයනු ඇත.

    නව එකතු කිරීමත් සමඟ ඉන්ඩිගෝ ඉන්දියාවේ ප්‍රධාන නගර හතරකින් කොළඹට සතිපතා ගුවන් ගමන් 30 ක් ක්‍රියාත්මක කරනු ඇත.

    ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) ලිමිටඩ් (AASL) හි සභාපති අතුල ගල්කැටිය මහතා පැවසුවේ, “ඒඒඑස්එල් මෑතකදී ඉන්දියාවේ යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ඉන්ඩිගෝ සමඟ සාකච්ඡා සාර්ථක කරගක් බවයි.

    ඒ අනුව ඉන්ඩිගෝ 2024 ජූනි 1 වනදා සිට යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි කී සභාපතිවරයා , දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරනු ඇති බවත් මෙම සම්බන්ධතාවය උතුරු පළාතේ සංචාර සහ වෙළඳාම ඉහළ නංවන අතර ජාතීන් දෙක අතර සංස්කෘතික හා ආගමික බැඳීම් ශක්තිමත් කරනු ඇතැයිද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya