මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරිමාර්ග, අමාත්‍යවරියගේ ඉල්ලීමකට අනුව සෞඛ්‍යය අමාත්‍යවරයා රත්නපුර ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    අප්‍රේල් 11, 2024

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීමකට අනුව සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රත්නපුර ශික්ෂණ රෝහලේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා නිරීක්ෂණ සංචාරයක නිරත විය.


    මෙම සංචාරයේදී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රෝහල් පරිපාලනය, වෛද්‍යවරුන් සමඟ රෝහලේ සේවා කටයුතු තවදුරටත් වඩා වේගවත් හා පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එමෙන්ම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍යය අමාත්‍යවරිය ලෙස සිටි සමයේ කරන ලද යෝජනා වකට අනුව රෝහලේ යෝජිත නව හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිනි. නවීන තාක්ෂණය සහිත ව ගොඩ නැගෙන මෙම හෘද රෝග ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍යය අමාත්‍ය වරයා රෝහල් පරිපාලනයට උපදෙස් ලබා දුන්නේ ය. මෙම හෘද රෝග ඒකකය ගොඩනැගීමත් සමඟ සබරගමුව සහ ඌව පළාතේ තිබෙන ඉහළ ම සෞඛ්‍යය පහසුකම් වලින් සමන්විත හෘද රෝග ඒකකය වනු ඇත. සංචාරය ට එක් වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ජනතාව ට වඩා ගුණාත්මක සහ යහපත් සෞඛ්‍යය සේවයක් උදා කර දීම තම අභිලාෂය වන බවයි. මෙම අවස්ථාවට රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගො මහතා ඇතුළු , වෛද්‍ය වරුන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya