මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමූපකාර ව්‍යවසායකත්ව සංවර්ධන සම්මේලන (CED) ප්‍රධාන ශාඛාව ජනතා අයිතියට

    අප්‍රේල් 11, 2024
    සමුපකාර ව්‍යවසායකත්ව සංවර්ධන සම්මේලනයේ (CED) වැලිසරදී පිහිටුවන ලද  ප්‍රධාන ශාඛාව විවෘත කිරීම සහ වෙබ් අඩවිය එළිදැක්වීම වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) සිදුවිය. 
     
    පවතින ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ ස්වෝත්සාහයෙන් නැගි සිටින කාන්තා ව්‍යවසායිකාවන් හට තමන්ගේ ස්වයං රැකියා සඳහා මූල්‍යමය ශක්තියක් ලබාදීම තුළින් රටේ දියුණුව උදෙසා ඔවුන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම මෙහි අරමුණයි.
     
    ප්‍රධාන ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා  වැලිසර මෙගා සතොස අලෙවිසැල නිරීක්ෂණය සඳහා සහභාගි විය. 
     
    මෙහිදී භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගික ජනතාවගෙන් ඔවුන්ගේ වර්තමාන වෙළෙඳපොළ හා ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් විමසූ අතර  දින කිහිපයකින් එළඹෙන උත්සවය සමය සඳහාත් ඉන් අනතුරුවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සියළුම දේ තොග තබාගෙන පාරිභෝගිකයන් හට අපහසුතාවයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය  කටයුතු සලසන ලෙස අදාල නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදි. 
     
    මෙම අවස්ථාව සඳහා සමුපකාර ව්‍යවසායකත්ව සංවර්ධන සම්මේලනයේ සභාපති, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී සම්පත් සේනවත්ත මහතා, ලංකා සතොස උප සභාපති නුවන් වනිගරත්න මහතා ඇතුළු ලේකම් හා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන්, වත්තල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ඇතුළු මහජන නියෝජිතයන්, ප්‍රදේශයේ සිටින කාන්තා ව්‍යවසායිකාවන්, ව්‍යාපාරිකයන්, ප්‍රදේශවාසින්  රැසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya