මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

    අප්‍රේල් 11, 2024

    ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ(10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

    පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

    අද පස්වරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

    ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya