මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ පස්මහල් වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ

    අප්‍රේල් 11, 2024

    දිවංගත  අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සදහා එක් කිරීම අද ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකරන ලද පස්මහල් මෙම වාට්ටු සංකීර්ණයේ දෙවන අදියර ලෙස ඉදිකරන ලද තෙවන, සිව්වන හා පස්වන මහල් ඉදිකිරීම සදහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 567 කි. මෙම වාට්ටු සංකීර්ණය විකලාංග ශල්‍ය ‌වෛද්‍ය වාට්ටු හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වේ. දැඩි සත්කාර ඒකකය ඇදන් 11 කින් සමන්විත වන අතර විකාලාංග ශල්‍ය වෛද්‍ය වාට්ටු වල ඇදන් ධාරිතවය ඇදන් 60 කට අධික වේ. 

    කුරුණෑගල මහ රෝහල 2016 වර්ෂයේ දී ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති අතර රෝහලේ සමස්ත ඇදන් ධාරිතාවය 2493 ක් වන අතර රෝහලේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 3646 කට අධික වේ.

    රෝහල තුල වාර්ෂිකව ශල්‍යකර්ම 16,000 කට අධිකව සිදු කරනු ලබයි. 2023 වර්ෂයේ දී, බාහිර රෝගී අංශයෙන් 521,255 අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 187,617 අධික වේ.

    රෝහල තුළ ඒකක 158 ක් ක්‍රියාත්මක වන අතර ශල්‍යාගාර 6 ක්, දැඩිසත්කාර ඒකක 7 ක්, වාට්ටු 68 කින් ද සමන්විත වේ. 

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ......

    සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සිදු කරනු ලැබු මෙම වටිනා පරිත්‍යාගය සිදු කල එම දෙපලට මෙන්ම මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කල නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාට ද විශේෂ ස්තුතියක් සිදු කල යුතු බවයි.

    පසුගිය මාසයක කාලය තුලදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිත්‍යාගයන් රැසක් ‌සෞඛ්‍ය සේවවාට එක් කිරීමේ අවස්ථාවන්ට තමන් සහභාගී වු බවත්, තමන් හට තිබු සියලු රාජකාරි අවශ්‍යතාවයන් සියල්ල පසෙකලා මෙම අවස්ථාවට සහභාගී වුයේ එම පරිත්‍යාගය සිදු කල අයට වටිනාකමක් ලබාදීමට හා ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් සිදු කිරීමට බවද අමාත්‍යවරයා  පැවසීය.

    පසුගිය වසර 75 ක කාලය තුලදී අප ලැබු දියුණූව අප්‍රමාණ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ එය කැපී පෙනෙන බවද පවසීය.

    මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය පද්ධතිය අතිවිශිෂ්ට මානව සම්පතකින්ද, විශිෂ්ට භෞතික  සම්පත් පද්ධතියිකින් ද සමන්විත බව කී අමාත්‍යවරයා මෙරට මාතෘ හා දරුවන් ගේ සෞඛ්‍ය  සංරක්ෂණය වෙනුවෙන්  විශේෂ අවධානයක් යොමු කර කටයුතු සිදු කල බවත් ඉදිරියටත් එම සේවාව විශිෂ්ට අන්දමින් පවත්වා ගෙන යන බවද පැවසීය.

    බෝවන රෝග මෙන්ම, බෝනොවන රෝග වලින් මෙරට ජනතාව මුදවා ගැනීමට විශේෂ වැඩ සටහන් මෙන්ම ප්‍රතිකාර කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බවත්, නිදහසින් පසු මෙරට පාලනය කරනු ලැබු සියලුම රජයන් සෞඛ්‍ය සේවාව විධිමත්ම හා ගුණාත්මකව පවත්වා ගෙන යාමට කටයුතු කල බව සිහිපත් කල අමාත්‍යවරයා වාර්ෂිකව සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක කර ගෙන යාමට විශාල මුදලක් වැය කරන බවද කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සංජීව බෝවත්ත, මෙම ව්‍යාපෘතියේ කළමනාකර අධ්‍යක්ෂ නීතිඥ මෙත්සිරි පරණවිතාන, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද මිහිරි ප්‍රියංගනී, කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සදමාලි සමරකෝන් යන මහත්ම මහත්මීන් මෙන්ම මෙල් පවුල නියෝජනය කරමින් පවුලේ හිතවතුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya