පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කරමින් නාරහේන්පිට රෝහලේ මෙම වාට්ටුව නවීකරණය කර තිබේ. වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් පසු පොලිස්පතිවරයා එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්ගේ සුවදුක් විමසීමට ද කටයුතු කළේය.