මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා නිවාසවල දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් අවුරුදු තෑගි

    අප්‍රේල් 11, 2024

    රජයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට අලුත් අවුරුදු තෑගි ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

     “ළමා නිවාසවල දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් අවුරුදු තෑගි “ යන තේමාව යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් වසර ගනනාවක සිට නුවරඑළිය ප්‍රදේශයේ ළමා නිවාසවල දරුවන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග ලබාදෙයි. මෙම වැඩපිළීවෙල තවදුරටත් ව්‍යාප්ත කරමින් රටේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන්ට මෙලෙස අවුරු තෑගි ලබාදීමට උපදෙස් දී ඇත.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පෞද්ගලික අංශයේ උපකාරයෙන් යුධ හමුදා නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දෘශ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත දරුවන් ඇතුළුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වෙසෙන දරුවන් 8721ක් වෙත මෙම තෑගි මලු බෙදා දීමට කටයුතු යොදා ඇත.

    ජනාධිපතිතුමන් විසින් මෙවර අලුත් අවුරුද්දේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සියලු දරුවන් සඳහා සතුට ලබාදීමේ අරමුණින් වේ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya