මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුද්දට සහල්, එළවළු, බිත්තර හා කුකුළු මස් හිගයකින් තොරව වෙළෙඳපොළට

    අප්‍රේල් 10, 2024

    උත්සව සමයේ ඇති තරම් සහල්, එළවළු, බිත්තර, මස් හා කිසිදු හිඟයකින් තොරව මේ වනවිට සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    මීට මාසයකට පමණ පෙර සීග්‍රයෙන් වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා, රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු හා සහල්වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (09)  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම මාසයේ දී ආරම්භ කිරීමට නියමිත ගෙවතු වගා වැඩටහන සම්බන්ධව පැවැති සාකච්ඡාවක දී ය.

     

    අවුරුදු සමයේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000 දක්වා  ඉහළ යනු ඇතැයි බෝහෝ පිරිසක් කී නමුත්  මේ වනවිට කැරට් මිල පමණක් නොව අනෙකුත් එළවළු සියල්ලෙහිම මිල පහළ ගොස් ඇති බවත්  බිත්තරයක මිල රුපියල් 75ක් දක්වා ඉහළ නොගොස්  රුපියල් 40 දක්වා අඩු වී ඇති බවද අමාත්‍යවරයා කීය.

    වෙනත් වර්ෂවල සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට වෙළෙඳපළේ මෙම භාණ්ඩ සම්බන්ධව මිල ගණන් ඉහළ යන බව කී අමාත්‍යවරයා, මෙවර එවැනි මිල ඉහළ යාමක් පෙන්නුම නොකරන බවද අවශ්‍ය තරම් පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව මිල දී ගැනීමට හැකි බවද සඳහන් කළේය.

    මැයි මාසය වනවිට බිත්තරයක මිල රුපියල් තිස් ගණනක් දක්වා අඩුවන බවත් මේ අන්දමින් තවත් අභියෝග කිහිපයක් අපට ඇති බවත් ඒ සියල්ල ජයගෙන රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් ස්වයංපෝෂිත කිරීම අපේ ඉළක්කය යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya