මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය කාලසටහනක්

    අප්‍රේල් 10, 2024

    ප්‍රධාන මාර්ගයේ දෛනිකව ගමන් කරන දුරගමන් සේවා වාර වලට අමතරව අද (10) සිට අප්‍රේල් 15 දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ශීඝ්‍රගාමී දුම්රියක් සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ශීඝ්‍රගාමී දුම්රියක් ක්‍රියාත්මක බවත්, මුහුදුබඩ මාර්ගයේ විශේෂිත දුම්රිය ගමන්වාර කිහිපයක් ද එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

    අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    මගීන්ට තොරතුරු සහ පැමිණිලි ලබා දීමට 1971 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙන අතර මෙවර ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත මනාව සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ විශේෂ ප්‍රවාහන සැලැස්මට අනුව දුම්රිය දෛනික දුරස්ථ ගමන් සේවා වාර එකී ගමනාන්ත වලට ලං වන විට ඒ හා බද්ධ වන අනිකුත් ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

    ත්‍රිකුණාමලය, මඩකලපුව, දක්වා ගමන් ගන්නා මඟීන්ට දුරගමන් සේවා වල පහසුකම් සලසා දීමට කටයුතු කරන බවත්, යාපනය යන මඟීන්ට මෙවර යම් අපහසුවක් සිදු වුවත් අනුරාධපුරයේ සිට යාපනය දක්වා දිනකට ගමන්වාර දෙකක් සැලසුම් කර තිබෙන බවත්, මහව දක්වා හෝ දුම්රියෙන් ගමන් කරන මඟීන්ට අනුරාධපුර දුම්රිය ස්ථානයට ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංගම හා පළාත් පාලන ප්‍රවාහන සේවාව හා එක්ව එම පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙන බවද හෙතෙම පැවසීය.

    මෙහි දී නියෝජ්‍ය සාමාන්‍යධිකාරී එම්.ජේ ඉදිපොලගේ මහතා මෙහි දී පැවැසුයේ, සාමාන්‍ය දුරගමන් දුම්රිය සේවා වලට අමතරව අතිරෙකව දුම්රිය 12 ක් අලුතින් ධාවනයට එක් කර ඇති අතර එම දුම්රියන් අප්‍රේල් 10 සිට 15 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

    ඒ අනුව බදුල්ල දක්වා දුම්රියන් 02ක් හා බදුල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්ද, ගාල්ල දක්වා දුම්රියන් 02ක් හා ගාල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්ද, බෙලිඅත්ත දක්වා දුම්රියන් 02ක් හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්ද වශයෙන් එම දුම්රියන් ක්‍රියාත්මක වේ.

    එමෙන්ම අප්‍රේල් 10,11,12 දිනවලත්, අප්‍රේල් 14 හා 15 දිනවල පිට පළාත් වල සිට කොළඹට පැමිණෙන මඟීන් වෙනුවෙන් බෙලිඅත්ත, ගාල්ල, මහනුවර දුම්රිය ස්ථාන වල විශේෂ නිළධාරීන් යොදවා තිබේ.

    අද රාත්‍රී 7.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, අද පස්වරු 5.20ට  බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් එක් කර තිබේ.

    අප්‍රේල් 11 පෙරවරු 7.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, අප්‍රේල් 11,12 හා13 දිනවල දහවල් 1.20 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත්, පෙරවරු 8.20 ට බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් ධාවනයට යොදවා තිබේ.

    එමෙන්ම, අප්‍රේල් 15 හා16 දිනවල පස්වරු 5.20 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්,  අප්‍රේල් 15 දින පෙරවරු 7.45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, අප්‍රේල් 15 දින පෙරවරු 6.15 ට ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියයන් ක්‍රියාත්මක වේ.

    මිට අමතරව අප්‍රේල් 11හා 13 දිනවල  ඇල්ල ඔඩිසි හා අප්‍රේල් 12 හා 14  දුන්හිද ඔඩිසි දුම්රියන් ද ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya