මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමයේදී මඟීන්ට සිදුවන ප්‍රවාහන අපහසුතා සම්න්ධයෙන් පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක්

    අප්‍රේල් 10, 2024

    උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා , මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවත්, ශ්‍රී ලංගම හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ප්‍රවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, මඟීන්ට ප්‍රවාහනයේ දී සිදුවන අපහසුතා සමබන්ධයෙන් පැමිණිලි කිරීමට විශේෂිත ක්ෂණික දුරකථන අංකයක් හදුන්වා දී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

    අද(10) රජයේ ප්‍රවෘත්ති දපොර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. ප්‍රවාහන අමාත්‍යංශයේ මඟ පෙන්වීම පරිදි ක්‍රියාත්මක කෙරෙන විශේෂ ප්‍රවාහන සැලැස්මට අනුව අප්‍රේල් 05 සිට අප්‍රේල් 14 දක්වාත්, අප්‍රේල් 15 සිට අප්‍රේල් 17 දක්වාත් බස්රථ යෙදවීමට කටයුතු කර තිබේ.

    කොළඹ නගරයේ සිට හඳුනාගත් ප්‍රධාන මාර්ග කොරිඩෝ 05 කට සාමාන්‍ය ගමන්වාර වලට අමතරව තවත් ගමන් වාර 700 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය බස්රථ සංචිතයක් පවත්වාගෙන යන බවත්, අධිවේගී මාර්ග වල ධාවනය වන බස්රථ ප්‍රමාණය වැඩි කිරීමටත්, අධිවේගී මාර්ගයේ අතිරේක සේවා වාර 150 ක් දක්වා දෛනික වැඩිකිරීමටත් කටයුතු කර තිබෙන බව ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
    එමෙන්ම ගමනාගමන කොමිෂන් සභාවේ අවසරලත් බස්රථ සඳහා විශේෂ පහසුකම් ද සලසා තිබෙන අතර මඟීන් සඳහා 1990 ගිලන් රථ සේවාව, පානීය ජල පහසුකම්, රැඳී සිටීමේ ස්ථාන ආදිය ද සලසා තිබේ.
    එමෙන්ම, දුම්රිය සේවාවන්ට සමාන්තරව පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරි වලින් සිය ගමන් වාර සකස් කර ගැනීමට ද උපදෙස් ලබා දී තිබේ. මිට අමතරව ජංගම පරීක්ෂක කණ්ඩායම් ස්ථාන 05 ක රඳවා ඇති අතර මඟීන්ට ප්‍රවාහනයේ දී සිදුවන ගැටළු සම්බන්ධව පැමිණිලි කිරීමේ හැකියාව ද තිබේ.
    ඒ අනුව, පැය 24 පුරා ක්‍රියාත්මක වන 1955 ක්ෂණික දුරකතනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර 071-2595555 දුරකතනයට WhatsApp මඟින් ද ඇමතුම් ලබා දීම මඟින් මඟීන්ගේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය බව ඒ මහත්මිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya