මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

    අප්‍රේල් 10, 2024

    මෙවර එළඹෙන උත්සව සමය වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශය මඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී  ය.

    ඒ අනුව, ප්‍රවාහන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවය එක්ව මෙම ඒකාබද්ධ විධිමත් ප්‍රවාහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙළ ගැසී තිබෙන බව හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    පසුගිය වසර වල විවිධ හේතුන් නිසා ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි කාලයක් උදා වූ අතර, මෙවර 2024 වසරේ අලුත් අවුරුදු සැමරීමට ජනතාවට පහසුකම් සැපයීමට වත්මන් රජයට හැකිව තිබේ.

    උත්සව සමයට ගම්බිම් බලා යන ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් සැලසීම ප්‍රවාහන අමාත්‍යංශයට පැවරී තිබෙන වගකීමක් බවත්, මෙවර වසරේ වෙන වසරවලට වඩා වැඩි ගමන් වාර ගණනක් ඇති කරමින් ජනතාවට වඩා වැඩි පහසුකම් සහිත ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya