අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදට යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පල්ලිවලට විශේෂ ආරක්ෂාවක්

    අප්‍රේල් 10, 2024

    අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානයන්හි ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

    ඒ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ 7,350කට අධික භට පිරිසක් යොදවා තිබේ.

    පොලිස් නිලධාරීන් 5,580ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 510ක් හා ත්‍රිවිධ හමුදා 1,260ක් ඒ අනුව විශේෂ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    සෑම පොලිස් වසමකටම අයත් සියලු ඉස්ලාම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමු වී මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453කට අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya