අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ රාමසාන් දින පණිවිඩය

    අප්‍රේල් 10, 2024

     

    පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක ෙමරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බවත් ගෙවුණු දුෂ්කර කාලසීමන්හි දී පවා, ඔවුහු ආගමානුකූලව උපවාසයේ යෙදෙමින් තමන්ටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  රාමසාන් දින පණිවිඩය වැඩිදුරටත් පහතින් දැක්වෙයි.

    ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිවය. ආදියේ සිට පැවත එන මේ සද් සිරිත අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව ශුද්ධ වූ කුරාණයේ පෙන්වා දී තිබේ.

    උපවාස සමයෙන් පසු මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියකය. ගෙවුණු දුෂ්කර කාලසීමන්හි දී පවා, ඔවුහු ආගමානුකූලව උපවාසයේ යෙදෙමින් තමන්ටත්, සමාජයටත් යහපත ප්‍රාර්ථනා කළහ.

    පරිත්‍යාගය, ආත්ම දමනය සහ ඉවසීම ප්‍රධානව රාමසාන් සමය තුළ ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා යැයි සුභාශිංසන පිරිනමමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya