අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා - ජනමාධ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 09, 2024

    නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කර පෝෂණය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය, බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් ගුරුවරයාට මුදල් ගෙවීම සඳහා පාසැල විසින් අදායමක් උපයාගත යුතු ද යන්න පිළිබඳව නැඟු පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    රජය විසින් නොමිලේ පෙළ පොත් ලබා දීම, නොමිලේ අධ්‍යාපනය ලබා දීම මෙන්ම පාසල් සිසුන්ට දිවා ආහාරය ලබා දීමට ද රජය කටයුතු කරනු ලබන අතර සිසු දැරිවියන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට ද කටයුතු කර තිබේ.

    නිදහස් අධ්‍යාපනය ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා එලෙසින්ම ලබා දීම පුළුල් කිරීමට කටයුතු කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් රජය සහතික වී ඇති බවත් සඳහන් කළ හෙතෙම මේ වන විට ඇති හැකි අයවලුන් තම දරුවන් මුදල් ගෙවා පිටරට වලට අධ්‍යාපන කටයුතු වලට යවන බවත්, එමඟින් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ වලින්, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් අදායමෙන් වසරකට බිලියන දෙකක් පමණ විවිධ රටවලට අධ්‍යාපනයට යන ළමුන් වෙනුවෙන් රටින් පිටට මුදල් ගලා යන බවත්, එම මුදල් ඉතිරි කර ගැනීමට මෙරටට හැකියාව තිබේ නම් මෙරට තිබෙන ආර්ථික පීඩනය විශාල වශයෙන් අවම කර ගැනීමේ හැකියාව තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, තිබෙන විශ්ව විද්‍යාල කිසිවක් මුදල් ගෙවන විශ්ව විද්‍යාල බවට පත් නොකරන බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya