මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෑස්, විදුලිය හා ඩොලරය අඩුවෙලා - එළවලු මිලත් අඩුවීමක් තියෙනවා - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 09, 2024

    පිළිගැනීමට අකමැති වුවද ගෑස්, විදුලිය හා ඩොලරය පසුගිය වසර වලට වඩා අඩුවී ඇතැයිද, එළවලු මිලෙහිද යම් අඩුවීමක් ඇතැයිද, කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වර්තමානයේ කැරට් 2500ට සොයාගැනීමටවත් නොහැකි බවද, දඹුල්ල, මීගොඩ, වැලිසර හා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයන්හි එළවලු මිල විශාල බෝඩ් ගසා ප්‍රදර්ශනය කර ඇතැයිද කිලෝ 01 රුපියල් 200ට වත් විකුණාගත නොහැකි බවට ගොවියන් මැසිවිලි නගන බවද පැවසුවේය.

    මෙවර සියලුදෙනාම තම තමන්ට පුළුවන් ආකාරයෙන් අවුරුදු සමරන බවද, කෙදිනකවත් එකම මට්ටමකට අවුරුදු සැමරීමක් සිදු නොවුණු බවද පැවසූ ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය වසර දෙකෙහි පැවති තත්ත්වයට වඩා භාණ්ඩ මිල අඩුවී ඇතැයිද සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya