මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාබ නොලබන ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 09, 2024

    මෙරට ණය බරින් නිදහස් වීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසුවේ නැතිනම් මෙරට ජනතාවට තවදුරටත් දීර්ඝ කාලීනව ණය ගෙවීමට සිදුවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය, බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී  විදුලි බල පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් නැඟු පැනයකට පිළිතුරු වශයෙනි.

    විදුලි බල මණ්ඩලය අලාභ ලබන විට එම අලාභය දැරිය යුත්තේ මහජනතාව වන බවත්, දිගින් දිගටම අලාභ ලබයි නම්, නිසි වැඩපිළිවෙලක් ඒ සදහා සැකසිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

    ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත්, ආසියානු සංවර්ධන බැංකුවත් එක්ව මෙරටට වැඩපිළිවෙලක් සකස් කර දී නැවත රට බංකොලොත්වීම වැළකීමට කළ යුතු ක්‍රමවේද ලබා දී ඇති බවත් පරණ සංකල්ප වලින් බැහැරව මෙරට ණය බරින් මුදව්ව ගැනීමට ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එය නොකරන්නේ නම් නැවත වරක් මෙරට බංකොලොත්විම වැළක්විය නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya