මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජලය පිළිබඳ සහ ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

    අප්‍රේල් 09, 2024

    ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ ඊට අදාළ අනෙකුත්  ප්‍රතිපත්තීන් සමඟ යෝග්‍ය පරිදි ඒ්කාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    පානීය ජල සැපයුම් සේවා අංශයේ පැන නැගී ඇති ප්‍රවණතා හා අභියෝගවලට මුහුණ දීම පිණිස වඩාත් පුළුල් සහ යාවත්කාලීන ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ් අනුව, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ පාර්ශවකරඅවන්ගේ උපදේශනය මෙන්ම මහජන අදහස්ද ලබාගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් , ‘’පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රත්පත්තිය’’ සහ ‘’ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’’ සකක් කරනු ලැබ ඇත.

    ඒමගින් සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත සහ ගුණාත්මක පානීය ජලය සදහා ඇති ප්‍රවේශය සහතික කිරීම, තිරසර ජල භාවීතය ප්‍රවර්ධනය කිරීම සහ ජල අංශයේ ආර්තික වර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කරනු ලබයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya