නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වූ බවයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින්පවසා තිබේ.
එමෙන්ම පනත් කෙටුම්පත මෙම මාසයේ අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සතියේ ගැසට් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති 2 ක කාලයක් මහජනතාවට හිමි වන බවද සඳහන්.